දවසේ ලගන් පලාපල – 2023 ඔක්තෝබර් මස 09 වන සඳුදා

දවසේ ලගන් පලාපල – 2023 ඔක්තෝබර් මස 09 වන සඳුදා

රාහු කාලය
7:26 am – 8:57 am

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
වයඹ

Qries

මේෂ

කාර්යබහුල වීමෙන් අවිවේකී බව ඇති කරයි. සුළුවෙන් හෝ ගමන් බිමන් යෙදෙන අතර විය පැහැදම් අධික වෙයි. විනෝදජනක ක්‍රියාවන්වල ද යෙදෙන අතර හදිසි ධන ලාභ දෙයි. සෙම් කෝප රෝග මතු කරයි.

Date: 2023-10-09
ජය අංකය: 05
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

රාජකාරි ස්ථානයේ වගකීම් බහුල වෙයි. පොදු සේවා කටයුතු වැනි දේවල යෙදේ. නීතිමය ගැටලුවක් ගැන වාදීව විසඳේ. ප්‍රීති සාද යෙදේ. මිතුරු සබඳතා වර්ධනය වෙයි. වැය පස ඉහළ යයි. වාතාධික රෝග මතු කරයි.

Date: 2023-10-09
ජය අංකය: 02
ශුභ වර්ණය: රන්වන්
Qries

මිථුන

රාජකාරි මෙන්ම අමතර ක්‍රියාකාරකම් ද යෙදෙන අතර තරමක් අවිවේකී බවක් දෙයි. යටපත්ව තිබූ සතුරු බලපෑමක් මතුවීමෙන් සිත් චංචල වෙයි. තරමක් ගමන් බිමන් යෙදේ. ආමාෂගත රෝග, මුත්‍රා රෝග මතු වේ.

Date: 2023-10-09
ජය අංකය: 06
ශුභ වර්ණය: ලා කොළ
Qries

කටක

ක්‍රියාශිලී දිනකි. තම ඇසුරින් දුරස්ථ ඥාතීන් සමීප වන ක්‍රියා යෙදේ. ප්‍රසාදයට පත්වන ක්‍රියා යෙදෙන අතර ගමන් බිමන් නිසා අවිවේකය ද පොළොව ආශ්‍රිත ක්‍රියාවන්ගෙන් ජය දෙයි. සිරසගත රෝග සාදයි.

Date: 2023-10-09
ජය අංකය: 04
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

රාජකාරිවල ප්‍රබෝධයෙන් යෙදේ. ප්‍රීතිසාද වැනි දේවල්වලට සහහභාගි වීමට සිදුවෙයි. අන් අයගෙන් තෑගි ලාභ ද ලබයි. මිතුදම් වර්ධනය වන ක්‍රියා යෙදේ. වාතාධික රෝග, සන්ධි ප්‍රදාහ මතු වේ.

Date: 2023-10-09
ජය අංකය: 01
ශුභ වර්ණය: ලා රෝස
Qries

කන්‍යා

ක්‍රියාශීලී දිනකි. රාජකාරි ස්ථානවල බාධා ඉවත් වෙයි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදයට පත් වෙයි. දුරස්ථ වූ ඥාති මිත්‍රාදීන් සමීප කරවන කරුණු කාරණා යෙදේ. දහමට ලැදි වේ. නේත්‍ර රෝග, මුඛ රෝග මතු කරයි.

Date: 2023-10-09
ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

ක්‍රියාශීලී දිනකි. තම රාජකාරිවලට අමතර ක්‍රියාකරකම්වල යෙදේ. සුහදතා වර්ධන ක්‍රියාවල යෙදේ. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. බලාපොරොත්තු නොවන ලෙස වැය පස ඉහළ යයි. මූලාර්ශස් රෝග මතු වේ.

Date: 2023-10-09
ජය අංකය: 07
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

අවිවේකී බව ඇති වේ. රාජකාරිවලදී සෘජු ගුණයෙන් ක්‍රියා කරයි. මහජන ප්‍රසාදයට පත් වෙයි. තරමක් අලස ගති ඉස්මතු වෙයි. මිල මුදල් තරමක් වැය වේ. දහමට ලැදිව ක්‍රියා කරයි. මුත්‍රා ආසාදන මතු වේ.

Date: 2023-10-09
ජය අංකය: 08
ශුභ වර්ණය: දුඹුරු
Qries

ධනු

තෘප්තිමත්ව දවස ගෙවයි. රාජකාරි ස්ථානවල කැපී පෙනේ. සුහදතා වර්ධන ක්‍රියාවන් ද යෙදේ. ප්‍රීති සාදවලට යොමු වෙයි. ජන ප්‍රසාදයට පත්වෙයි. හදිසි ධන ලාභ ද ලබන දිනකි. වාතාධික රෝග මතු කරයි.

Date: 2023-10-09
ජය අංකය: 01
ශුභ වර්ණය: කහ
Qries

මකර

දූරදර්ශීව ක්‍රියාකරන දිනකි. රාජකාරිවලදී ප්‍රසාදය දිනයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. සභාවේ දිනයි. තරමක් වගකීම් බහුල දිනකි. නව ක්‍රියාකාරකම් ඇරඹීමට ශුභයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතු කරයි.

Date: 2023-10-09
ජය අංකය: 03
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

තරමක් කලබලකාරී ස්වරූපයක් ඇති කරයි. රාජකාරි බහුලතාවයට පත්වෙයි. ප්‍රීති සාද සුහදතා වර්ධන ක්‍රියා ආදියෙහි යෙදේ. මිතුරුදම් සමීප වෙයි. ප්‍රේම සබඳතා ද වර්ධනය වන දිනකි. ස්නායුගත රෝග, වාත රෝග මතු කරයි.

Date: 2023-10-09
ජය අංකය: 05
ශුභ වර්ණය: දම්
Qries

මීන

ක්‍රියාශීලී දිනකි. රාජකාරිවලට අමතර ක්‍රියාකාරකම් යෙදේ. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. සතුරු බාධා ඉවත් වෙයි. ලිපි ලේඛනවලින් ජය ගෙන දෙයි. සෙම් රෝග, පෙනහළු ආසාදන මතු වේ.

Date: 2023-10-09
ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි
Share This