දවසේ ලග්න පලාපල – 2024 ජනවාරි මස 31 වන බදාදා

දවසේ ලග්න පලාපල – 2024 ජනවාරි මස 31 වන බදාදා

රාහු කාලය
12:24 pm – 1:53 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
නිරිත

Qries
මේෂ
ක්‍රියාශීලී දිනකි. රාජකාරි කටයුතු බහුල වෙයි. තම අරමුණුවලට බාධා කරයි. සතුරු බලපෑම් එල්ල වුවද සෘජු ගුණයෙන් ක්‍රියාකළ හැක. ජයගත හැක. කලබලවීම ශුභවාදී නොවේ. ශිරෝ රෝග වරින්වර මතු කරයි.
Date: 2024-01-31

ජය අංකය: 05
ශුභ වර්ණය: තද රෝස
Qries

වෘෂභ

උත්සව සාද වැනි දේවල් යෙදේ. සභාවේ දිනයි. නවක මිතුදම් ප්‍රේම සබඳතා ඇතිවෙයි. සතුටුදායක ක්‍රියාකාරකම් වල යෙදේ. අන් අයගෙන් උපදෙස් උපකාර ලබන ශුභ දිනකි. ස්නායු ගත රෝග, වාත රෝග මතුවේ.

Date: 2024-01-31

ජය අංකය: 02
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

සෘජුගුණයේ පිහිටා කටයුතු වල යෙදිය යුතු දිනකි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු වෙයි. නමුත් දමනය වෙයි. විනෝදජනක ක්‍රියාවන්හිද යොමුවන බාහිර ලාභ ලැබීම් දෙන දිනකි. මුත්‍රා ආසාදන මතු කරයි.

Date: 2024-01-31

ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

කටක

රාජකාරි ස්ථානවල තමන්ට විරුද්ධ මතවාද දමනය කර ඉදිරියට යෑමේ ශක්තිය ඇතිකරයි. යානවාහන ලාභද ලබයි. වෙලහෙළදාම ජයවෙයි. මහජන ප්‍රසාදයට පත්වන කරුණු යෙදේ. සෙම් කෝප රෝග, උෂ්ණ රෝග මතුකෙරේ.

Date: 2024-01-31

ජය අංකය: 04
ශුභ වර්ණය: කහ
Qries

සිංහ

කෙටි ගමන් බිමන් සහ දුරගමන්ද යෙදේ. විනෝදජනක ක්‍රියාවන් සඳහා යොමුවෙයි. නිවාස අලංකරණයටද හේතුයි. පැරණි මිතුදම් වර්ධනය වන ක්‍රියා යෙදේ. හදිසි ලාභ දෙයි. මුත්‍රා ආසාදන රෝග මතුවේ.

Date: 2024-01-31

ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

ක්‍රියාශීලී දිනකි. දවසේ ක්‍රියාකාරකම් වලින් ජය ගෙනදෙයි. අලංකාර කටයුතු ඇඳුම් පැලඳුම් ආදියෙහි වැයපස ඉහළ යයි. ස්වයං රැකියාවල යෙදෙන්නන්ට ජය දෙයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුවේ.

Date: 2024-01-31

ජය අංකය: 03
ශුභ වර්ණය: ලා කොළ
Qries

තුලා

කලබලකාරී දිනකි. නමුත් ඉවසීමෙන් ක්‍රියාකළ යුතුවේ. ක්‍රියාකාරකම් වලදී වාද භේද ශුභවාදී නොවේ. තම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. අමතර ලාභ ලැබීමකට හේතුයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතුයි. ආමාශගත රෝග මතුවේ.

Date: 2024-01-31
ජය අංකය: 07
ශුභ වර්ණය: ලා නිල්
Qries

වෘශ්චික

තරමක් වෙහෙසව ක්‍රියාකිරීමට සිදුවේ. අලංකාර දේවල් බඩු භාණ්ඩ ක්‍රියාවන් ආදියට වැයපස ඉහළ යයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මතද වැයපස ඉහළ යයි. සිරසගත රෝගද මතු කරවන දිනකි.

Date: 2024-01-31

ජය අංකය: 08
ශුභ වර්ණය: රතු
Qries

ධනු

කලබලකාරී ගති මතු කරයි. සුළුවෙන් හෝ ප්‍රීති සාද වැනි දේකටද හේතුයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප කරවන ක්‍රියා යෙදේ. අමතර ලාභ දෙයි. සිරසගත රෝග මතු කරවන දිනකි. බලාපොරොත්තු රහිතව වැයපස ඉහළ යයි.

Date: 2024-01-31

ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්
Qries

මකර

අවිවේකය මත තරමක් ආවේගශීලීව ක්‍රියාකරයි. සතුරු බලවේගද මතුවීමට ඉඩ තිබේ. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු දිනකි. වැයපසද ඉහළ යයි. සෙම් කෝප රෝග මතු කරවයි. තනතුරු ලාභ වරප්‍රසාද ලබන දිනකි.

Date: 2024-01-31

ජය අංකය: 08
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

කුම්භ

ක්‍රියාශීලී දිනකි. අතපසු වැඩ කරගෙන යෑමේ ශක්තිය ඇතිවෙයි. ඥාති මිත්‍රතා සම්බන්ධතා වර්ධනය වෙයි. අසල්වැසියන් සමඟ සුහදතාව වර්ධනය වෙයි. වාතාධික රෝග, කොන්දේ වේදනා මතුවේ. නව නිපැයුම් ඇරඹීමට හොඳයි.

Date: 2024-01-31

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

සාමාන්‍ය ලෙසින් දවස ගෙවයි. තම ඥාතී මිත්‍රාදීන් එක්රැස්ව ක්‍රියාකරයි. සුළුවෙන් ප්‍රීති සුවය විඳින දිනකි. වැයපසද ඉහළ යයි. ප්‍රසාදයට පත්වෙයි. ඉදිමුම් රෝග, සන්ධි වාත රෝග මතුවේ. දහමට ලැදිව ක්‍රියාකරයි.

Date: 2024-01-31

ජය අංකය: 09
ශුභ වර්ණය: දම්
Share This