සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩල අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක

සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩල අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අද වැඩ වර්ජනයක නිරත වීමට නියමිතයි.

ඒ අනධ්‍යයන සේවකයින්ගේ වැටුප 15% කින් කප්පාදු කිරීමත්, අනධ්‍යයන සේවකයින්ගේ මාසික හිලව් දීමනාව වැඩි නොකිරීමටත් විරෝධය පළ කරමින් ය.

අද (02) දහවල් 12.00 සිට ඔවුන් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කළ බවයි, විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති ධම්මක එස්. ප්‍රියන්ත මහතා පැවසුවේ

මෙම ගැටලුව නිරාකරණය කරන තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවයි,ඒ මහතා සඳහන් කළේ.

Share This