විදුලිබල මණ්ඩලයේ උප පොලක් ජලයෙන් යටවීමේ අවදානමක

විදුලිබල මණ්ඩලයේ උප පොලක් ජලයෙන් යටවීමේ අවදානමක

අධික වර්ෂාව හේතුවෙන් මාතර විදුලිබල මණ්ඩලයේ ග්‍රිඩ් උප පොල ජලයෙන් යට වීමේ අවදානමක් මතුව තිබෙනවා.

මාතර ග්‍රිඩ් උපපොළ අවට ප්‍රදේශයේ ජල මට්ටම තවදුරටත් ඉහළ ගියහොත් ආරක්ෂිත පියවර ගන්නා බවයි, විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ.

එම විදුලි උප පොළෙන් සපයන විදුලිය විසන්ධි කිරීමට සිදුවන අතර විදුලිය විසන්ධි වන ප්‍රදේශවලට දෙනියාය සහ බෙලිඅත්ත ග්‍රිඩ් උප පොලවල් හරහා විදුලිය සම්බන්ධ කිරීමට විදුලිබල මණ්ඩලය සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අදාළ උප පොළ වසා දැමීමෙන් පසු එහි සේවය කරන විදුලිබල මණ්ඩලයේ නිළධාරීන් ආරක්ෂිතව රැගෙන ඒමට නාවික හමුදාව අවශ්‍ය යාත්‍රා ද ස්ථානගත කර තිබෙනවා.

Share This