දවසේ ලග්න පලාපල – 2023 මැයි මස 08 වන සඳුදා

දවසේ ලග්න පලාපල – 2023 මැයි මස 08 වන සඳුදා

රාහු කාලය
7:27 am – 9:00 am

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
වයඹ

Qries

මේෂ

වන්දනා ගමන්වල යෙදේ. දහමට අවතීර්ණව ක්‍රියාකාරකම්වල යෙදේ. ඥාතීන්ගේ සබඳතා වර්ධනය වන කරුණු යෙදේ. ආගමික පුද පූජා කර්මවල යෙදේ. විනෝද ගමන්ද යෙදේ. සන්ධි රෝග ආමාශ රෝග මතුකරයි.

Date: 2023-05-06

ජය අංකය: 05
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

ශුභා ශුභ ඵල දෙයි. ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. වන්දා ගමන් විනෝද ගමන් වැනි දේවලට හේතුයි. දාන මානාදී ක්‍රියාවන්හි යෙදේ. සමාජ සත්කාරක ක්‍රියාවන්හිද යෙදේ. අමතර ලාභද ලබයි. සෙම් කෝප රෝගද මතුකරයි.

Date: 2023-05-06

ජය අංකය: 01
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

මිථුන

ක්‍රියාකාරකම් බහුල දිනකි. දානමානාදී කුසල් කිරීම්වල යෙදේ. තම ඥාති මිත්‍රාදීන්ද ඒ සඳහා යොමු කරවයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. විනෝද ක්‍රියා ගමන් වැනි දේවලටද හේතුයි. සන්ධි රෝග මතුකරයි.

Date: 2023-05-06

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

උනන්දුවෙන් ක්‍රියාකරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව කටයුතුවල යෙදෙන අතර සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහිද යෙදේ. දහමට ලැදිව ක්‍රියා කරයි. ආගමික උත්සව වලට සහභාගි වෙයි. සිරසගත රෝග මතු කරයි.

Date: 2023-05-06

ජය අංකය: 04
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

වන්දනා ගමන්, විනෝද ගමන් වැනි දේවලට හේතුයි. ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. පරෝපකාරීව ක්‍රියා කරන අතර පොදු සේවා ක්‍රියා දියත් කරයි. මිල මුදල් තරමක් වැයවන දිනකි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුවේ.

Date: 2023-05-06

ජය අංකය: 01
ශුභ වර්ණය: ලාදම්
Qries

කන්‍යා

දහමට අවතීර්ණව ක්‍රියා කරයි. තම ඥාති මිත්‍රාදීන් සමඟ සුහදතාව ක්‍රියාකරන අතර තම නිවස උත්සවශ්‍රියාවක් ගෙන දෙයි. බාධා බලවේග ඉවත්වෙයි. පුද පූජා කර්මවලද යෙදේ. මූල රෝග, බඩවැ්ල් රෝග මතු කරයි.

Date: 2023-05-06

ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

ගමන් බිමන් බහුල වේ. වන්දනා ගමන් විනෝද ගමන් වැනි දේවල් යෙදේ. තම ආර්ථිකය සමබරව පවතී. සුළුවෙන් හෝ හදිසි ලාභද දෙයි. දානමානාදී කුසලකර්මවලද යෙදෙන අතර උගුරේ ආසාදන රෝග සෙම් රෝග ඇතිවේ.

Date: 2023-05-06

ජය අංකය: 07
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

සුපුරුදු ක්‍රියාවන්ගෙන් දුරස්ථව දහමට ලැදිව ක්‍රියාකරයි. දානමානාදී කුසලකර්මවල යෙදේ. තම නිවස උත්සව ශ්‍රියාවක් ගෙන දෙයි. තරමක් වැයපස ඉහළ යයි. හදිසි ලාභද දෙයි. හදිසි රෝග කැපුම් රෝගවලට හේතුයි.

Date: 2023-05-06

ජය අංකය: 02
ශුභ වර්ණය: ලා දුඹුරු
Qries

ධනු

ශුභා ශුභ මිශ්‍රඵල මතුකරයි. තරමක් ගමන් බිමන් ආදියෙහි යොමුවෙයි. වැයපසද වැඩිවන අතර නවක මිතුදම්ද ඇතිවෙයි. ඥාති මිත්‍රාදීන් ඒකරාශීව දහමට අවතීර්ණව ක්‍රියාකරයි. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමුවෙයි.

Date: 2023-05-06

ජය අංකය: 03
ශුභ වර්ණය: කහ
Qries

මකර

ශුභා ශුභ ඵල උදාවෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකිරීමට සිදුවෙයි. දහමට ලැදිව ක්‍රියාකරයි. පොදු සේවා සමාජ සත්කාර ආදියෙහි යෙදේ. පැවති සතුරන් දමනය වෙයි. සැහැල්ලු මනසින් ක්‍රියා කරයි.

Date: 2023-05-06

ජය අංකය: 08
ශුභ වර්ණය: දුඹුරු
Qries

කුම්භ

ශුභඵල සහිතව තම අරමුණු සැළසුම් දියත් කිරීමේ අවස්ථාද තරමක් ජය ගෙන දෙයි. තම ඥාතීන්ද ඒකරාශීව දහමට අවතීර්ණව ක්‍රියා කරයි. සමාජ සත්කාර ක්‍රියා දියත් කරයි. සැහැල්ලු මනසින් දවස ගෙවේ.

Date: 2023-05-06

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

ශුභා ශුභ මිශ්‍රඵල මතු කරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. කෙටි ගමන්වල යෙදේ. තම අරමුණු බොහෝ දුරට සාර්ථක වෙයි. ආගමික වතාවත් ගරු කරයි. අධ්‍යාත්මක ගුණ වගාවන් කෙරෙහි යොමුවන දිනකි.

Date: 2023-05-06

ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි
Share This