ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

රිය අනතුරකට ලක්ව මාස 14කට අධික කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී යි ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ.

මිය යන විට ඒ මහතා 65 වැනි වියේ පසු විය

අනුරාධපුර ප්‍රදේශයේ චිත්‍රපටයක් රූගත කිරිම අතරතුර ඔහු ගමන් ගත් මෝටර් රථයේ වල් අලියකු ගැටීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු දීර්ඝ කාලයක් රෝහලේ ප්‍රතිකාර ලැබීය.

රංගන ශිල්පියෙක්, ගේය පද රචකයෙක්, ගායකයෙක්, ලේඛකයෙක්, නිවේදකයෙක් මෙන්ම ඉතිහාස විශ්ලේෂකයෙකු ලෙස සිය ප්‍රතිභාපුර්ණ හැකියාව පෙන්නුම් කළ ඒ මහතා මෙරට සිටි විශිෂ්ට මාධ්‍යවේදීයෙකු ලෙස ද සැලකේ.

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම කලාකරුවෙකු වන ඇන්තනි හොඳම නළුවාට හිමි සම්මානය වාර්තාගත දහසය වතාවක් දිනා ගත්තේය.

ජැක්සන් ඇන්තනී රඟපෑ චිත්‍රපට අතරට ගුරු ගෙදර, චිට්ටි, අයෝමා, වීසි දැල, ලොකු දුව, භව දුක, භව කර්ම, ගිනි අවි සහ ගිනි කෙළි, අස්වැසුම, අග්නිදාහය, සූරිය අරණ, මිල්ලෙ සොයා, රන්දිය දහර, ගරිල්ලා මාර්කටින්, ධීවරී, කුරුලු පිහාටු, අබා, ද අධ්‍යක්ෂණය අතරට ප්‍රවේගය (2015), ඇඩ්‍රස් නෑ (2015), ධර්ම යුද්ධය (2017) සම්මානනීයත්වයට පාත්‍ර විය.

Share This