බස් ගාස්තු ගැන අවසන් තීරණය අද

බස් ගාස්තු ගැන අවසන් තීරණය අද

ඉන්ධන මිල අඩු වීමත් සමග බස් ගාස්තු අඩුකරන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අද ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කෙ‍රුණු අතර එහිදී ඩීසල් මිල රුපියල් 30කින් අඩු කෙරුණි.

එහෙත් බස් සංගම් පැවසුවේ මීට පෙර ඉන්ධන මිල ඉහළ දැමුණු අවස්ථා දෙකේදීම බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවූ බැවින් යළි ගාස්තු සංශෝධනය සිදුකළ යුතු වන්නේ ලබන ජුලි මාසයේ දී බවයි.

කෙසේවෙතත් බස් ගාස්තු පහත දැමීමක් සිදුවන්නේ ද යන්න සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා පැවසුවේ සියලු කරුණු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තීරණය කරන බවය.

Share This