අමෙරිකානු සුපිරි නිරූපිකාව ගංජා එක්ක මාට්ටු

අමෙරිකානු සුපිරි නිරූපිකාව ගංජා එක්ක මාට්ටු

සුපිරි නිරූපිකාවක් වන ගිගි හැඩිඩ් (Gigi Hadid) කේමන් දූපත්වලදී ගංජා සමඟ අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකානු සුපිරි නිරූපිකාවක් වන හැඩිඩ්, නිවාඩුවක් ගත කරමින් සිටියදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

28 හැවිරිදි ඇය ජූලි 10 වන දින Owen Roberts ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පුද්ගලික ගුවන් යානයකින් මිතුරෙකු සමඟ කේමන් දූපත් වෙත පැමිණීමෙන් පසුවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හැඩිඩ් සහ ඇගේ මිතුරිය පෞද්ගලික ගුවන් යානයකින් පැමිණ ටික වේලාවකට පසු රේගු නිලධාරීන් ඔවුන්ගේ ගමන් මලුවල තිබී ගංජා සහ ගංජා පරිභෝජනය සඳහා භාවිතා කරන උපකරණ සොයාගත් බවයි.

පසුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ගංජා ආනයනය කිරීම සහ ගංජා පරිභෝජනය සඳහා භාවිතා කරන උපකරණ ආනයනය කිරීම පිළිබඳ සැකය මතයි.

අත්අඩංගුවට ගත් ඔවුන් සිරකරුවන් රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත ගෙන ගොස් ඇප මත මුදා හැර ඇති බව‍යි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කෙසේ නමුත් විමර්ශනවලදී හෙළිව ඇත්තේ ඔවුන් ළඟ තිබූ ගංජා ප්‍රමාණයන් අවම වන බවත් ඒවා පුද්ගලික භාවිතය සඳහා රැගෙනවිත් ඇති බවයි.

අනතුරුව ජූලි 12 වන දින උසාවියේ පෙනී සිටි ඔවුන්ට එල්ල වූ චෝදනා වලට ඔවුන් වරද පිළිගත් බවත් එක් අයෙකුට ඩොලර් 1,000 බැගින් දඩ නියම කරන ලද බවත් වාර්තා වේ.

ගිගි හැඩිඩ්ගේ නියෝජිතයා පළමුවරට මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් තහවුරු කර ඇත්තේ ඔවුන් ඒවා නීත්‍යානුකූලව වෛද්‍ය භාවිතය සඳහා මිලදී ගත් ඒවා වන බවයි.

ඒ අනුව “ගිගි වෛද්‍ය බලපත්‍රයක් සහිතව NYC හි නීත්‍යානුකූලව මිලදී ගත් ගංජා සමඟ සිටියේය. එය 2017 සිට Grand Cayman හි වෛද්‍ය භාවිතය සඳහා නීත්‍යානුකූල වී ඇත” යන්නෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ලොස් ඇන්ජලීස් හි උපත ලද හැඩිඩ් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ Baby Guess හි ළමා නිරූපිකාවක් ලෙසයි. අමෙරිකානු නිරූපිකාවක් සහ රූපවාහිනි පෞරුෂයක් වන ඇය ලොව ඉහළම වැටුප් ලබන නිරූපිකාවන්ගෙන් කෙනෙකි.

Why Gigi Hadid Wants Her Employees to Have Hobbies - WSJ

Share This