Yevgeny Prigozhin බරපතල වැරදි කළ දක්ෂ මිනිසෙක් – වැග්නර් ප්‍රධානියා ගැන පුටින් කතා කරයි

Yevgeny Prigozhin බරපතල වැරදි කළ දක්ෂ මිනිසෙක් – වැග්නර් ප්‍රධානියා ගැන පුටින් කතා කරයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වැග්නර් ප්‍රධානියාගේ මිය යාම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඔහු පවසා ඇත්තේ Yevgeny Prigozhin බරපතල වැරදි කළ දක්ෂ මිනිසෙක් බවයි.

සියලු වින්දිතයින්ගේ පවුල් වෙත තම ශෝකය යවන බව පුටින් පවසා ඇති අතර මෙය ඛේදවාචකයක් බවත් රුසියානු විමර්ශන කමිටුව මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා

මේ අතර යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky කියා සිටියේ මෙම අනතුරට යුක්‍රේනයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් සිය කණගාටුව පළ කරන බවත්ය

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් වැග්නර් ප්‍රධානියාගේ මිය යාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ පුටින් එය පිටුපස සිටින්නට ඇති බවයි.

රුසියානු කුලී හේවා කණ්ඩායමක් වන වැග්නර් හි ප්‍රධානියා වන Prigozhin , අනතුරට ලක්වූ පෞද්ගලික එම්බ්‍රේයර් ජෙට් යානයේ මගියෙකු ලෙස ලැයිස්තුගත කර සිටි බවත් අනතුරින් ඔහු මිය ගිය බවටත් විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කරනු ලැබුවා .

යානයේ පුද්ගලයින් දස දෙනෙකු සිටි බවත් මොස්කව් සිට ශාන්ත පීටර්ස්බර්ග් දක්වා ගමන් කරමින් සිටියදී යානය කඩා වැටීමෙන් ඔවුන් සියල්ලන්ම මිය ගිය බවත් විදෙස් මාධ්‍ය පවසා සිටියා

 

Share This