මෙරට නොගැඹුරු මුහුදේ මත්ස්‍ය ගහනය 50% කින් පහලට

මෙරට නොගැඹුරු මුහුදේ මත්ස්‍ය ගහනය 50% කින් පහලට

මෙරට නොගැඹුරු මුහුදේ මත්ස්‍ය ගහනය අඩු වී තිබෙන බව නාරා ආයනතය පවසනවා.

ඒ අනුව නොගැඹුරු මුහුදු ප්‍රදේශවල මත්ස්‍ය ගහනය 50% කින් පමණ අඩුවී ඇති බවයි නාරා ආයතනය මේ පිළිබඳව කළ පර්යේෂණවලදී හෙළි වී ඇත්තේ.

දශක ගණනාවක් තිස්සේ මෙරට ධීවරයින් ප්‍රශස්ත මට්ටමට වඩා වැඩිපුර එම කලාපයේ මසුන් ඇල්ලීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව එම ආයතනය පවසනවා.

මෙරට නොගැඹුරු මුහුද ලෙස සැලකෙන්නේ, වෙරළේ සිට කිලෝමීටර් 24 ක් දක්වා වූ ප්‍රදේශයයි.

මෙරට ධීවර යාත්‍රාවලින් 80% ක් පමණ මත්ස්‍ය සම්පත් නෙලා ගන්නේ එම මුහුදු ප්‍රදේශයේ බව නාරා ආයතනය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් කිලෝමීටර් 24 සිට 200 දක්වා මුහුදු ප්‍රදේශවල මෙන්ම ඉන් එපිට අනන්‍ය ආර්ථික කලාපයේත් ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශවලත් හිඟයකින් තොරව මත්ස්‍ය සම්පත් ඇති බවත් එම ප්‍රදේශවල ධීවර කටයුතු පුළුල් කිරීමෙන් මස්ත්‍ය සම්පත් බහුලව නෙලා ගැනීමට හැකියාව පවතින බවයි ඔහු සඳහන් කළේ.

ඒ සඳහා වැඩි වශයෙන් ධීවරයින් යොමු විය යුතු බව ද අමරලාල් මහතා ප්‍රකාශ කළා.

Share This