ඉන්දියාවේ උසස් පොලිස් නිලධාරියෙක් ව පැහැරගැනේ

ඉන්දියාවේ උසස් පොලිස් නිලධාරියෙක් ව පැහැරගැනේ

ආයුධ සන්නද්ධව පැමිණි 200ක පමණ පිරිසක් ඉන්දියාවේ උසස් පොලිස් නිලධාරියෙක්ව සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව පැහැරගෙන ගොස් ඇතැයි, ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයෙන් මෙම සිදුවීම වාර්තා වන අතර ඊයේ රාත්‍රී 7ට පමණ අදාළ පොලිස් නිලධාරියාගේ නිවස වටලා මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි, එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

වාහන සොරකමක් සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරියා විසින් සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම පැහැරගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.

අනතුරුව වහා ක්‍රියාත්මක වූ යුද හමුදා කණ්ඩායමක් එම කණ්ඩායම හඹා ගොස් ඔවුන්ව මුදවාගෙන තිබේ.

මේ වනවිට එම පොලිස් නිලධාරීන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

Share This