කෝටි 12ක රත්‍රන් තොගයක් රේගුවේදී කොටුවෙයි

කෝටි 12ක රත්‍රන් තොගයක් රේගුවේදී කොටුවෙයි

රුපියල් දොලොස් කෝටි තිස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස රැගෙන ආ කාන්තාවන් සිව් දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් ඩුබායි සිට ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මින් පළමු ගුවන් යානය 09/27 දින අලුයම 01.10 ට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්..ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කාන්තාවන් තිදෙනකු සහ පිරිමි පුද්ගලයා ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි

මීට අමතරව ඩුබායි සිට 09/27 දින අලුයම 05.25 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් තවත් එක් කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මොවුන් සියලු දෙනාම කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙමින් ව්‍යාපාර කටයුතු වල නිරත වන්නන් පිරිසකි.

ඔවුන් සිය සිරුරු වල සහ ඔවුන් රැගෙන ආ අත් බෑගයන් තුළ මෙම කිලෝ ග්‍රෑම් 06 ක් බරැති ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගය සගවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .

කටුනායක ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මෙම පිරිස අත් අඩංගුවේ තබා ගනිමින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .

Share This