විනිසුරු නිවසේ ආරක්ෂාවට සිටි සැරයන් වෙඩි වැදී ජීවිතක්ෂයට

විනිසුරු නිවසේ ආරක්ෂාවට සිටි සැරයන් වෙඩි වැදී ජීවිතක්ෂයට

මාතර වෙරළ පාරේ පිහිටි දිසා විනිසුරුවරයකුගේ නිල නිවසේ රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයකු අද (28) උදෑසන වෙඩි වැදී මිය ගොස් සිටියදී සොයා ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

එසේ මරුමුවට පත්ව ඇත්තේ බන්දුල පුෂ්ප කුමාර (55) නැමැති පොලිස් සැරයන්වරයෙකි.

දිසා විනිසුරු නිවසේ රාත්‍රි රාජකාරියේ යෙදී සිට ඇති ඔහු උදෑසන රාජකාරි අවසන් වීමට පෙර මෙම සිද්ධියට මුහුණ පා තිබේ.

කෙසේ වෙතත් මෙය සිය දිවි හානි කර ගැනීමක් එසේත් නොමැති නම් වෙනත් අපරාධයක් ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබේ.

 

Share This