නිශාන්ත මුතුහෙට්ටිගම ට ඇප

නිශාන්ත මුතුහෙට්ටිගම ට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට අද (27) පෙරවරුවේ ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කර තිබේ.

රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 50,000ක මුදල් ඇපයක් මත ඔහුට ඇප නියම කර ඇති අතර මීළඟ නඩු දිනය පෙබරවාරි 02 වනදාට නියම කර ඇත.

සුඛෝපභෝගී රථයක් නීතිවිරෝධී ලෙස එකලස් කිරීමේ සිද්ධියකට අදාළව හිටපු මන්ත්‍රීවරයාට චෝදනා ගොනුවී තිබුණි.

 

Share This