ජාතික රෝහලේ Stent (ස්ටෙන්ට්) හිඟයක්

ජාතික රෝහලේ Stent (ස්ටෙන්ට්) හිඟයක්

කොළඹ ජාතික රෝහලේ හෘද රෝගීන් සඳහා ලබාදෙන Stent (ස්ටෙන්ට්) හිඟ වීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව තිබේ.

ඒ හේතුවෙන් හෘද රෝගීන්ගේ ජීවිත අනතුරට පත්ව ඇති බවයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ.

ඒ හේතුවෙන් බොහෝ රෝගීන්ට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට ද සිදුව තිබේ.

මේ සම්බන්ධයෙන් ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පැවසුවේ, ස්ටෙන්ට් යම් හිඟයක් පවතින බවයි.

මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා සඳහන් කළේ, ස්ටෙන්ට් වල මේ වනවිට යම් හිඟයක් පවතින අතර ඒවා ගෙන්වීමට ඇණවුම් කර ඇති බවයි.

Share This