දෙලෝ රත්වෙන අද එළවළු මිල ගණන් මෙන්න

දෙලෝ රත්වෙන අද එළවළු මිල ගණන් මෙන්න

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (16) දවසේ තොග එළවළු මිල ඉතා ඉහළ අගයක් ගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, අද දිනයේ කැරට් 1 kg අලෙවි වී ඇත්තේ, රුපියල් 1750ත් 2000ත් අතර මිලකටයි.

එමෙන් ම බීට් රූට් 1 kgක් රුපියල් 650-700 අතර මිලකට අළෙවි වූ බවයි වාර්තා වූයේ.

ගෝවා 1 kgක් රුපියල් 500-680ත් අතර මිලකට අළෙවි වී ඇති අතර බෝංචි රුපියල් 500ත් 850ත් අතර මිලකටයි අළෙවි වූයේ.

මාළු මිරිස් රුපියල් 850ත් 1000 අතර අගයක් ගත් අතර වම්බටු අළෙවි වූයේ 450ත් 500ත් අතර අගයකයි.

මෑකරල් 1 kgක් 350ත් 400ත් අතර මුදලකට අළෙවි වූ අතර ලීස් අළෙවි වූයේ 450ත් 500ත් අතර මුදලකටයි.

Share This