ජනපති රනිල් – සිංගප්පුරු ජනපති හලීමා සමග සාකච්ඡාවක

ජනපති රනිල් – සිංගප්පුරු ජනපති හලීමා සමග සාකච්ඡාවක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පුරු ජනාධිපති හලීමා යාකොබ් මහත්මිය සමග සාකච්ඡාවක නිරත වී තිබේ.

සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා අද (21) පෙරවරුවේ එරට ජනාධිපතිවරිය හමු වු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පුරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් සහ ආරක්ෂක අමාත්‍ය නෙං එං හෙන් සහ පරිසර අමාත්‍ය ග්‍රේස් ෆූ හායි යෙන් යන මහත්ම මහත්මීන් අතර සාකච්ඡා කිරීමට නියමිතය.

දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවලට අමතරව පැරිස් ගිවිසුමට අනුව කාබන් හර කිරීම පිළිබඳව අවබෝධතා ගිවිසුමකට ද සිංගප්පුරුව සහ ශ්‍රී ලංකාව අත්සන් තැබීමට නියමිත බව වාර්තා වේ.

Share This