රත්‍රන් පන්නන්න ගිය ශ්‍රී ලන්කන් කේටරින් සේවකයාට සුපිරි දඩයක්

රත්‍රන් පන්නන්න ගිය ශ්‍රී ලන්කන් කේටරින් සේවකයාට සුපිරි දඩයක්

ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ සේවකයෙකු විසින් සිය යට ඇදුමේ සගවා ගෙන නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කළ රුපියල් දහ හත් කෝටි හැට ලක්ෂයක් වටිනා රන් බිස්කට් 66 ක් පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයෙකු විසින් පැවැත් වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

එහිදී, මෙම රන් බිස්කට් සියල්ල රාජසන්තක කර ඔහුට රුපියල් දහ හත් කෝටි හැට ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ.

මෙම දඩ මුදල ගෙවීමට ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ සේවකයා අපොහොසත් වීම නිසා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් ඔහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

එහිදී මෙම පුද්ගලයා එළඹෙන 2024 වසරේ ජනවාරි මස 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

Share This