හවායි හි ලැව් ගින්නෙන් මිය ගිය ගණන 89 දක්වා ඉහළට

හවායි හි ලැව් ගින්නෙන් මිය ගිය ගණන 89 දක්වා ඉහළට

හවායි හි ලැව්ගිනි හේතුවෙන් මියගිය ගණන 89ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම තවත් සිය ගණනක් අතුරුදන් වී ඇති බවයි, එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, ඓතිහාසික ලහයිනා නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයක ලැව්ගිනි මැඩපැවැත්වීමට ගිනි නිවන භටයන් උත්සාහ දරමින් සිටින බව සඳහන්.

ලැව්ගිනිවලට ගොදුරු වූවන් සෙවීම සඳහා හවායි වෙත අතිරේක විශේෂඥ සහාය ද යොදවා ඇති අතර, ගලවා ගත් පුද්ගලයන් වෙනුවෙන් වෛද්‍ය කටයුතු ද අඛණ්ඩව සිදුකෙරෙන බව ද වාර්තා වේ.

මියගිය පුද්ගලයන්ගේ ගණන තවත් ඉහළ යා හැකි බව වාර්තා වන අතර, හවායි ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් සෙනසුරාදා ප්‍රකාශ කර තිබුණේ, මියගිය ගණන ඉදිරි දිනවල දී සැලකිය යුතු ලෙස ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බවයි.

Share This