බස් ගාස්තු ගැන ගත් තීරණය

බස් ගාස්තු ගැන ගත් තීරණය

ඉන්ධන මිල සංශෝධනයට රජය කටයුතු කළ ද බස් ගාස්තු වල වැඩි වීමක් සිදු නොකරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අද (01) දහවල් මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

මෙවර ඉන්ධන මිල ඉහළ දමා ඇති ප්‍රතිශතය මත බස් ගාස්තු ඉහළ දැමීමේ නෛතික ප්‍රතිපාදන නොමැති බවයි මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඉන්ධන මිල සංශෝධනයට අනුව අද (01) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් ලීටරයක මිල ද රුපියල් 29.00කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් මිල රුපියල් 41.00කින් ද ඉහළ දමනු ලැබුවා.

Share This