පාසල් පොත් බෑගයේ බර අඩු කරන චක්‍රලේඛය අද

පාසල් පොත් බෑගයේ බර අඩු කරන චක්‍රලේඛය අද

පාසල් දරුවන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීම සඳහා චක්‍රලේඛය අද (4) නිකුත් කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසනවා.

බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා අදාල චක්‍රලේඛය නිකුත් කරන බවත් තරගකාරී අධ්‍යාපනයට සහ ශාරීරික සහ මානසික සෞඛ්‍යයට වැඩි බරකින් යුත් පොත් බෑගය බාධාවක් බවත් ලේකම්වරයා පවසයි.

දරුවන් වර්තමානයේ එහා මෙහා ගෙනයන පොත් බෑගය විශාල බරකින් යුක්ත වීම නිසා දරුවන් නිරන්තරයෙන් කොඳු ඇට පෙළ ආශ්‍රිත ආබාධ වලට ගොදුරු වන බවත් ඒ හේතුවෙන් ඇතැම් දරුවන් සදාකාලිකව ආබාධිතයන් බවට පත්වීමට ඉඩ ඇතැයි වෛද්‍ය වාර්තා සනාථ කර ඇති බවත් ලේකම්වරයා වැඩිදුරටත් කීය.

Share This