ලක්ෂ 60ක දුරකථන සොරා ගෙන අලෙවි කරමින් සිටි 3ක් අත්අඩංගුවට

ලක්ෂ 60ක දුරකථන සොරා ගෙන අලෙවි කරමින් සිටි 3ක් අත්අඩංගුවට

පුත්තලම නගරයේ දුරකථන අලෙවි සැලකින් සොරා ගෙන තිබු ලක්ෂ 60 කට ආසන්න දුරකථන තොගයක් අලෙවි කරමින් සන්තකයේ තබා ගත් සැකකරුවන් තිදෙනෙකු කාත්තන්කුඩි ප්‍රදේශයෙදී අද(21 ) අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශණ ඒකකය පවසයි.

අදාල දුරකථන අලෙවි සැලෙන් සොරා ගෙන තිබු දුරකථන තොගයෙන් දුරකථන 30 කට ආසන්න සංඛ්‍යාවක් හා වයස අවුරුදු 18, 20, 24 සිමාවල සැකකරුවන් තිදෙනෙකු කාත්තන්කුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය මාර්තු මාසයෙ 27 දින රාත්‍රියේ පුත්තලම නගරයෙ කේ.කේ .වීදියේ පිහිටි දුරකථන අලෙවි සැලකට වහලයෙන් ඇතුළු වී රුපියල් ලක්ෂ 60 කට ආසන්න වටිනාකමකින් යුත් දුරකථන 75 ක් සොරා ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් පුත්තලම මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ලැබි තිබු අතර එය පරික්ෂණ සදහා පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන ඒකකය වෙත යොමු කර පරික්ෂණ ආරම්භ කිරීමට ඉහල පොලිස් නිළධාරින් කටයුතු කර තිබේ.

එහෙත් මෙම විමර්ශන වලදි කිසිදු ස්ථානයකින් මෙම සොරා ගැනිම සම්බන්ධ සි.සි.ටි.වි දර්ශන සොයා ගැනිමට නොහැකි වි තිබු බවත්, ඒ තරමට මෙම සොරකම සුක්ෂම අයුරින් සිදුකිරීම හමුවේ පරික්ෂණ වලට එක්වු කොඨඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් හට ගැටළුකාරි තත්වයකට මුහුණ දීමට සිදුව ඇත.

නමුත් මේ පිළිබදව පුර්ණ විමර්ශනයකින් පසු කාත්තන්කුඩි ප්‍රදේශයේ පිරිසක් දුරකථන අලෙවි කරමින් සිටින බවට ලැබුණ තොරතුරක් මත එම හෝඩුවාව මත විමර්ශන ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.

එම විමර්ශන සදහා අදාල නිළධාරින් සුක්ෂම ලෙස අදාල ප්‍රදේශයෙ රැදි සිටිමින් මෙම සැකකරුවන් පිරිස අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදි ඒ වන විටත් විකුණා තිබු ලක්ෂ 30 කට ආසන්න දුරකථන තොගයක් සොයා ගැනිමට කටයුතු කල බව කියයි.

කෙසේ නමුත් පරික්ෂණ වලදි හෙලිව ඇත්තේ මෙම සැකකරුවන් දුරකථන අලේවි සැලට පැමිණ සොරා ගැනිම සිදු කල පිරිස් නොවන බවත්, එය වෙනත් කන්ඩායමක් විසින් සිදුකර මොවුන් මෙම දුරකථන අලෙවි කිරීමට යොදා ගත් පිරිසක් බවය.

ඒ සමගම මෙම සැකකරුවන් ට අමතරව මෙම සොරකමේ ප්‍රධාන මොළ කරු ඇතුළු තවත් සැකකරුවන් සිව් දෙනෙකු සොයා පරික්ෂණ ආරම්භ කර ඇති බව කොඨඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් අද (21) පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිය.

Share This