තන්තිරිමලේ ගම්මාන රැසක් අඳුරේ

තන්තිරිමලේ ගම්මාන රැසක් අඳුරේ

අනුරාධපුර තන්තිරිමලේ ගම්මාන රැසක නිවාසවල විදුලිබිල ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ඔවුන්ගේ විදුලිය විසන්ධි වීමෙන් එම නිවෙස්වල පාසල් දරුවන්, සිඟිති දරුවන් සහ වැඩිහිටියන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ගම්වාසීහු පවසති.

විදුලිබිල ඉහළ යෑමත් ස්ථීර ආදායම් මාර්ග නොමැති වීමත් නිසා තමන්ට විදුලි බිල් ගෙවා ගැනීමට නොහැකි වී ඇතැයි ද ගම්වාසීහු පවසති.

තමන් මුහුණ බී ඇති ආර්ථික දරිද්‍රතාවය නිසා නැවත විදුලිය ලබා ගැනීම සිහිනයක් යැයි එම නිවෙස් හිමියෝ පවසති.

තන්තිරිමලේ, ඉහළ ගෝනෑව, තම්බියාව, සඳමල්එළිය ඇතුළු ගම්මාන රැසක පදිංචිකරුවන් සෘජුව මෙම ගැටළුව බලපා ඇති බව අප කළ සංචාරයේදී දැකගත හැකි විය.

දවල්ට සහ රෑට එකවේලක් ආහාරයට ගන්නා මෙම පිරිස වල් අලින්ගෙන් ද දැඩි බලපෑම් එල්ල වී ඇත.

මේ සම්බන්ධයෙන් ඉහළ ගෝනෑව,තම්බියාව ප්‍රදේශයේ පදිංචි එච් සමරකෝන් මහතා මෙසේ අදහස් දැක්වීය.

ජීවත්වෙන්න බැරිම තැන ගමේ හත් අට දෙනෙක් එකතුවෙලා කුලියට ඩිමෝ බට්ටෙක් ඇරගෙන හැතැක්ම 25ක් පමණ දුර පිහිටි අසිරික්ගම යන මුස්ලිම් ගම්මානයේ කුලී වැඩට යනවා.

දවස් දහයකට පසු ඒ වැඩ කරලා ආපසු එනවා.රුපියල් 2500න් රුපියල් අටසීයක් විතර දවසකට වියදම් වෙනවා. ඉතිරි මුදල ගෙදරට වියදම් කරනවා. සමෘද්ධියක් ලැබුනට ඒක සෑහීමකට පත් වෙන්නෙ නෑ.

මේ වන විට බිරිඳක් දරුවොත් කරුවලේ ගෙදරට වෙලා ඉන්නවා. රුපියල් හතළිස් පන්දහසක් ගෙවා ගන්න බැරිව විදුලිය විසන්ධි කරේ ,විදුලි රැහැණක් ගලවාගෙන ගිහින්. දැන් තියෙන ආර්ථික තත්වය අනුව ආයෙ මට කවදාවත් ලයිටි ගන්න බැරිවෙන බව කදුළු සලමින් පැවසීය .

 

Share This