ආබාධ සහිත පුද්ගලයන්ට සුබ පණිවිඩයක්

ආබාධ සහිත පුද්ගලයන්ට සුබ පණිවිඩයක්

ආබාධ සහිත තැනැත්තන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙන්කර තිබු මුදල් මෙම වර්ෂයේ සිට වැඩිකිරීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පවසනවා.

සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව,

ආබාධිතවූවන්ගේ අධ්‍යාපන ආධාරය රුපියල් 10,000 සිට 20,000 දක්වාත්

ආබාධිතවූවන්ගේ ස්වයං රැකියා ආධාරය රුපියල් 25,000 සිට 40,000 දක්වාත්

ආබාධිතවූවන්ගේ උපකරණ සඳහා දුන් රුපියල් 15,000 ආධාරය රුපියල් 35,000 දක්වාත්

ආබාධිතවූවන්ගේ නිවාස ඉදිකිරීම් සඳහා දුන් 250,000 ආධාරය රුපියල් ලක්ෂ 05 දක්වාත්

ආබාධිතවූවන්ගේ නිවාස අලුත්වැඩියා කිරීමට දුන් රුපියල් 150,000 ආධාරය රුපියල් 250,000 දක්වාත්

ආබාධිතවූවන්ට වැසිකිළි ඉදිකර ගැනීමට ලබාදෙන ආධාරය රුපියල් ලක්ෂය දක්වා වැඩි කෙරෙන බවයි ඔහු ප්‍රකාශ කළේ.

Share This