පොහොට්ටුවේ සියලු මන්ත්‍රීවරු හා සංවිධායකවරු කොළඹට කැඳවයි

පොහොට්ටුවේ සියලු මන්ත්‍රීවරු හා සංවිධායකවරු කොළඹට කැඳවයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සියලු සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සංවිධායකවරුන් නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානය වෙත අද (07) පෙරවරු 10.45ට කැඳවා ඇති බව සඳහන්.

ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ වී ඇති බවයි, වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share This