ලිට්‍රෝ සමාගමෙන් තවත් පිම්මක්

ලිට්‍රෝ සමාගමෙන් තවත් පිම්මක්

ලිට්‍රෝ ගෑස් ආයතනයේ මාබිම ප්‍රදේශයේ ඉදිකර ඇති ගෑස් පිරවුම් පර්යන්තය හෙට (08) විවෘත කිරීමට නියමිතය.

රුපියල් බිලියනයක් ආයෝජනය කරමින් ඉදිකර ඇති මෙම නව පර්යන්තය තුළින් දිනකට සිලින්ඩර් 60000 ක් බෙදාහැරීමේ හැකියාව පවතින බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

“නව පිරවුම් පර්යන්තයක් හෙට විවෘත කරනවා. ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට. කෙරවලපිටිය පර්යන්තය ප්‍රමාණවත් නැහැ. දිනකට සිලින්ඩර් 60,000ක් නිකුත් කරනවා. දෙසැම්බර් සිට සතියට දවස් 2ක්. පෙබරවාරි, මාර්තු, අප්‍රේල් වනවිට කෙරවලපිටිය හා මාබිම පර්යන්ත දෙකම වැඩ. කෙරලවලපිටිය නවත්වන්න ඕන වුණොත්. මාබිම සිට කාර්යක්ෂවම ගෑස් බෙදාහරින්න පුළුවන්.”

එමෙන්ම මෙලෙස ආයෝජනය කර මෙම ව්‍යාපාරය පුළුල් කරන නිසා විපක්ෂය චෝදනා කරන්නේ මෙය විකුණාගන්නට යන බවය.

නමුත් මේ සදහා ඍජු දායකත්වයක් නොමැති බවත් මුදිත පීරිස් මහතා පැවසීය.

Share This