චීනයේ පෙර පාසලක පිහි ඇනුමක් – 6 ක් මරුට

චීනයේ පෙර පාසලක පිහි ඇනුමක් – 6 ක් මරුට

චීනයේ ගිනිකොනදිග ගුවාන්ඩොන්ග් පළාතේ පෙර පාසලක නාඳුනන පුද්ගලයකු කළ පිහි ඇනුමක් හේතුවෙන් සය දෙනෙකු මියගොස් එක් අයකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මියගිය පුද්ගලයන් අතර එක් ගුරුවරයෙකු, පෙර පාසල් සිසුන් තිදෙනෙකු සහ දෙමාපියන් දෙදෙනෙකු සිටින බව චීන පොලිසිය ප්‍රකාශ කර තිබේ.

සිද්ධිය එරට වේලාවෙන් අද (10) උදෑසන 7.40 ට පමණ සිදුව ඇති අතර පෙරවරු 8 වන විට සැකකරු අත් අඩංගුවට ගැනීමට චීන පොලිසිය සමත්ව ඇත.

සැකකරු 25 හැවිරිදි පුද්ගලයකු බවත් මෙම පිහි ඇනුම ඔහු සැලසුම් සහගතව සිදු කර ඇති බවත් චීන පොලිසිය ප්‍රකාශ කර තිබේ.

 

Share This