වෙල්ගමට පාර්ලිමේන්තුවෙන් මාස තුනක නිවාඩුවක්

වෙල්ගමට පාර්ලිමේන්තුවෙන් මාස තුනක නිවාඩුවක්

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට මාස තුනක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද (7) අනුමත කළේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙල්ගම මහතාට මාස තුනක නිවාඩුවක් ලබාදෙන්නැයි යෝජනාව ඉදිරිපත් කළේය.

වෙල්ගම මහතා අසනීප තත්වයේ පසුවන හෙයින් ඔහුට මෙසේ නිවාඩුවක් ලබාදීම අනුමත කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

Share This