යාපනයේ තරුණයෙක් කැනඩාවේ දී මහල් නිවාසයකින් පැන සිය දිවි නසා ගනී!

යාපනයේ තරුණයෙක් කැනඩාවේ දී මහල් නිවාසයකින් පැන සිය දිවි නසා ගනී!

යාපනයේ සිට කැනඩාවට ගොස් සිටින දෙමළ ජාතික තරුණයෙකු මහල් නිවසකින් බිමට පැන ඊයේ (16) සිය දිවි හානි කරගෙන තිබේ.

මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ, යාපනයේ වැල්වෙට්ටිතුරේ තිරුවිල් ප්‍රදේශයේ පදිංචි රඝුපති ආනන්ද් නමැති 31 හැවිරිදි තරුණයෙකි.

යාපනයේ වඩමාරච්චි ප්‍රදේශයේ පදිංචි මොහු කැනඩාවේ කාන්තාවක් සමග එම මහල් නිවසේ එකට ජීවත් වී ඇති අතර පවුලේ ඇති වූ ආරවුලක් මත කාන්තාව මහල් නිවාසයෙන් බිමට තල්ලු කොට ඔහුද ඉන් පැන සිය දිවි හානි කරගැනීමට උත්සාහ කොට තිබේ.

නමුත් කාන්තාව තල්ලු කළ අවස්ථාවේදී ඇය ඉහල මලයේ බැල්කනියේ වැටක සිර වී ඇති අතර තරුණයා පමණක් බිමට වැටී තිබේ.

Share This