ෆවුසිගේ පුත්‍රයා අත්අඩංගුවට

ෆවුසිගේ පුත්‍රයා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසිගේ පුත් හිටපු පළාත් සභා මන්ත්‍රී නවුසර් ෆවුසි කොල්ලුපිටිය පොලීසිය විසින් අද (07) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඔහු කොල්ලුපිටිය ප්‍රදේශයේදී සිය වාහනයෙන් රිය අනතුරක් සිදුකර පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

කොල්ලුපිටිය පාසල් මාවත ප්‍රදේශයේදී මාර්ගයේ ගමන්කරමින් සිටි අයෙකු අනතුරට ලක්වීමෙන් අනතුරුව අනතුරට ලක්වූ පුද්ගලයාට පහරදීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය පරීක්ෂණ සිදුකර සැකකාර ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ පුත්‍රයාව අත්අඩංගුවට ගෙන අනතුරුව පොලිස් ඇප මත මුදාහැර තිබේ.