ප්‍රංශයේ විශිෂ්ඨතම පාන් නිෂ්පාදකයා වූ ලංකාවේ සේල්වරාජ් දිවයිනට

ප්‍රංශයේ විශිෂ්ඨතම පාන් නිෂ්පාදකයා වූ ලංකාවේ සේල්වරාජ් දිවයිනට

ප්‍රංශයේ අති විශිෂ්ඨතම ” බැගට් “( Baguette ) පාන් නිෂ්පාදකවරයා ලෙස 2023 වසරේ දී තේරී පත් වීමෙන් පසුව ප්‍රංශ ජනාධිපති මන්දිරයට වසරක කාළයක් සදහා , ඔහුගේ බේකරි නිෂ්පාදන සැපයීමේ කොන්ත්‍රාත්තුව හිමි කර ගත් දර්ශන් සෙල්වරාජ් මහතා අද (28) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

යාපනය , තෙල්ලිපලෙයි ප්‍රදේශයේ පදිංචි දර්ශන් සෙල්වරාජ් මහතා සිය දරු දෙදෙනා සහ බිරිඳ සමග ශ්‍රී ලංකාවේ සති තුනක සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

එහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ දර්ශන් සෙල්වරාජ් මහතා , මම 2016 වසරේ දී ප්‍රංශයට ගියා . මම යනකොට මම ප්‍රංශ භාෂාව දන්නෙ නැහැ . ඒ විතරක් නෙමෙයි බේකරි වැඩ කටයුතු දන්නෙත් නැහැ . ඒත් මම ප්‍රංශයේ පැරිස් නුවර ” au Levain Des Pyrenees ” බේකරියේ වැඩට ගියා .

එහි අයිතිකරු ඉතා සුහදශීලී පුද්ගලයෙක් . ඔහු මට ප්‍රංශ භාෂාව මෙන්ම බේකරි කර්මාන්තයත් හොදට ඉගැන්වූවා .දැන් ඔහුගේ වයස අවුරුදු 70 ක් .

ඒ බේකරිය මීට වසර 03 කට පෙර මම මිළ දී ගත්තා .ප්‍රංශයේ පැරිස් නුවර , රජයේ ලියාපදිංචි බේකරි නිෂ්පාදකයන් 1,300 ක් සිටිනවා . ඔවුන් සමග තරග කර මෙම 2023 වසරේ අති විශිෂ්ඨතම ප්‍රංශ “බැගට්” පාන් නිෂ්පාදකවරයා ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුණා . ඒ නිසාම මෙම වසරක කාළයක් සදහා ප්‍රංශ ජනාධිපතිවරයාගේ මන්දිරයට ” බැගට් ” පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සැපයීමේ වගකීම මා වෙත පැවරී තිබෙනවා . යැයි ද පැවසීය .

දර්ශන් සෙල්වරාජ්ගේ මෙම ජයග්‍රහණ පිළිබඳව තොරතුරු වාර්තා වීමත් සමග ඩුරුවි ගුණසේකර ( Druvi Gunasekara ) මහත්මිය ඔහු හමු වීමට ප්‍රංශයේ පැරිස් නුවර වෙත ගොස් , ඔහු දිරිමත් කර , මෙම ශ්‍රී ලංකා සංචාරය සංවිධානය කිරීමට ද කටයුතු කර තිබුණි .

දර්ශන් සෙල්වරාජ් මහතා අද උදෑසන 09.30 ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 278 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

20230728 104955 scaled

20230728 104906 scaled

20230728 105207 1 scaled

Share This