කළුතර මුහුදු වෙරළෙන් හමුවූ කාන්තා සහ බිළිඳු මළ සිරුරු මව සහ දියණියගේ බව හෙළිවෙයි

කළුතර මුහුදු වෙරළෙන් හමුවූ කාන්තා සහ බිළිඳු මළ සිරුරු මව සහ දියණියගේ බව හෙළිවෙයි

කළුතර උතුර මුහුදු වෙරළට ගොඩගසා තිබූ බිළිඳියගේ සිරුර සහ වෙරළ තීරයේ පාවෙමින් තිබී ගොඩගත් කාන්තාවගේ මළ සිරුර එම කාන්තාවගේ සැමියා විසින් හඳුනාගෙන තිබෙනවා.

කළුතර උතුර පොලිසිය සඳහන් කළේ අද දහවල් කළුතර ශීක්ෂණ රෝහලේ දී ඔහු මෙම සිරුරු හඳුනාගත් බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ පයාගල, හල්කඳවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි කාන්තාවක් සහ අවුරුදු දෙකයි මාස දෙකක් වයසැති ඇයගේ එකම දියණියයි.

මියගිය කාන්තාව සහ ඇයගේ සැමියා අතර නිතර පවුල් ආරවුල් සිදුව ඇති බව සඳහන්.

එම යුවළ මතුගම වලකන්ද ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර මීට සති දෙකකට පමණ පෙර මියගොස් ඇති කාන්තාව දියණිය ද කැටුව පයාගල හල්කඳවිල ප්‍රදේශයේ තම පියා පදිංචි නිවසට පැමිණ තිබෙනවා.

දියණිය සමග එහි දින කිහිපයක් රැදී සිටි ඇය පසුගිය 19 වනදා බිළිඳු දියණියද කැටුව නැවත සැමියා පදිංචි මතුගම වලකන්ද ප්‍රදේශයේ පිහිටි නිවසට යාම සඳහා පිටත්ව ගොස් ඇති බවයි ඇයගේ පියා ප්‍රකාශ කර ඇත්තේ.

මෙම මරණ සිදු වූ ආකාරය සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

මියගිය කාන්තාවගේ සහ බිළිඳාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුතර ශික්ෂණ රෝහලේ දී සිදු කිරීමට නියමිතයි.

dead body news

3 5

Share This