මුලතිව් ළිඳකට භූමිතෙල් උනයි!

මුලතිව් ළිඳකට භූමිතෙල් උනයි!

මුලතිව් වොඩියාර්කට්ටු කුරුවි ගම්මානයේ ළිදකින් භූමිතෙල් හමු වීමට පටන් ගැනීම හේතුවෙන් පුදුකුඩීඉරිප්පු පොලීසියේ නිලධාරීන් පිරිසක් ඊයේ (07) එම ප්‍රදේශයට ගොස් පරීක්ෂණ ආරම්හ කර තිබේ.

පසුගිය දින කිහිපයේ ඇද හැලුණු අධික වර්ෂාවෙන් පසුව ඉඩම් හිමියා සිය ගෙවත්තේ පිහිටි ළිද සම්පූර්ණයෙන් ඉස පිරිසිදු කර ඇති අතර ළිදට අළුතින් එකතු වෙන ජලයේ යම් වෙනසක් ඇති බව ඔහු හඳුනාගෙන තිබේ.

එම ජලයෙන් භූමිතෙල් සුවඳක් වහනය වීම හේතුවෙන් ළිදේ ජලයෙන් කඩදාසියක් පොගවා ගින්නට ළං කර ඇති අතර එහිදී එම කඩදාසිය ඉතා ක්ෂණිකව ගිනි ගන්නා නිසා ඉඩම් හිමියා මේ පිළිබදව ග්‍රාම නිලධාරීවරයා මාර්ගයෙන් පුදුකුඩීඉරිප්පු පොලීසිය දැනුවත් කර තිබේ.

පසුව, පොලීසියේ නිලධාරීන් එහි ගොස් මූලික පරීක්ෂණ අරම්භ කර ඇතත් ළිදේ ජලය වෙනුවට භූමිතෙල් ලැබෙන ක්‍රමය පිළිබදව ස්ථිර නිගමනයකට එළඹීමට නොහැකි වී ඇත.

පොලීසිය විශ්වාස කරන්නේ, කිසියම් ඉන්ධන පිරවුම් හලක භූමිතෙල් ටැංකියේ සිදුව ඇති හානියක් නිසා මෙම ළිඳට භූමිතෙල් ළගා වන බවයි.

මේ පිළිබඳව පුදුකුඩීඉරිප්පු පොලීසිය විසින් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රාදේශීය කළමණාකාරවරයාව දැනුවත් කර පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ළිදෙන් ජලය හෝ භූමිතෙල් ලබා ගැනීම අනතුරුදායක නිසා ඒවා ලබා ගැනීම තාවකාලිකව තහනම් කර ඇත.

Share This