බෙලිඅත්තේ වෙඩි තැබීමක් – 05 ක් මරුට

බෙලිඅත්තේ වෙඩි තැබීමක් – 05 ක් මරුට

Update: දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීමේ දොරටුව අසලදී සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර සිටි පුද්ගලයෙකුද ජීවිතක්ෂයට පත් වූ බව පොලිසිය පවසයි.

ඒ අනුව, මෙම වෙඩි තැබීමෙන් ඩිෆෙන්ඩර් රථයේ ගමන්කළ පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

මේ අතර, අදාළ වෙඩිතැබීමෙන් මියගිය පිරිස අතර අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ද සිටින බව පොලිස් වාර්තා සඳහන් කරයි.


දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීමේ දොරටුව අසලදී සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

අද පෙරවරු 8.30ත් 8.40ත් අතර කාලයේ දී සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් ආහාර ගැනීම සඳහා වෙළෙඳසැලකට පැමිණි අවස්ථාවේ කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් එම වෙඩි තැබීම සිදුකර තිබේ.

සිද්ධිය සිදුවු ස්ථානයේ මළ සිරුරු 4ක් ඇති අතර, එක් අයෙකුගේ මෘත ශරීරය මේ වනවිට තංගල්ල රෝහලේ තැන්පත් කර තිබේ.

මේ අතර, බරපතළ තුවාල ලැබූ එක අයෙක් රෝහල ගත කර ඇතැයි වාර්තා වේ.

Share This