පහරදීමකින් කළුතර බන්ධනාගාර රැඳවියෙක් මරුට

පහරදීමකින් කළුතර බන්ධනාගාර රැඳවියෙක් මරුට

පහරදීමක් හේතුවෙන් කළුතර – නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාරයේ රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

රෝහල් ගත කර සිටි රැඳවියා එම රෝහලේ වාට්ටු අංක පහේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බවයි වාර්තා වුණේ.

මෙම රැඳවියා පසුගිය 24 වනදා පහරදීමක් හේතුවෙන් කළුතර – නාගොඩ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණා.

එලෙස ප්‍රතිකාර ලබමින් සිටි එම රැඳවියා අද (26) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම රැඳවියාට පහරදුන් අය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරක් වාර්තා වන්නේ නැහැ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ රැඳවියා මෝල්කාව, කරවිට ප්‍රදේශයේ පදිංචිව සිටී පී.ජී. සුනිල් නැමැති 46 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාර අධිකාරීවරයා විසින් කළුතර උතුර පොලිසිය දැනුවත් කර ඇති අතර,
මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනවා