එකට කා බී කල පහර දීමකින් පුද්ගලයෙක් මරුට

එකට කා බී කල පහර දීමකින් පුද්ගලයෙක් මරුට

අගලවත්ත මහගමමුදුන ග්‍රාම නිලධාරි වසමේ නිවසක් තුළ බීමත්ව ඇතිවූ ආරවුලක් මත සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි.

මිය ගොස් ඇත්තෙ මහගම මුදුන ග්‍රාම නිලධාරි වසමේ පදිංචි සුදුහකුරුගේ නිශාන්ත නැමැති 49 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි.

පහරදීම හේතුවෙන් තුවාල කරු පිඹුර රෝහල වෙත ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා නාගොඩ රෝහලට ඇතුලත් කර රෝහලේ හදිසි ප්‍රතිකාර එකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් ඇත.

මෙම මරණ කරු කාලයක් තිස්සේ පහරදිමට අදාල පුද්ගලයාගේ නිවසේ වාසය කළ මිතුරන් බවට තොරතුරු අනාවරනය වේ.

සැකකරු තම 12 හැවිරිදි පුත්‍රයා සමග ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඹහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ කරයි.

Share This