ඇමෙරිකන් නැව්වලට හූති ප්‍රහාර

ඇමෙරිකන් නැව්වලට හූති ප්‍රහාර

හූති කැරලිකරුවන් විසින් යේමනයේ වෙරළට ඔබ්බෙන් වූ ඒඩන් බොක්ක මුහුදු ප්‍රදේශයේ දී අමෙරිකාව ට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිසයිල ප්‍රහාරයෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවට සුළු හානි සිදුව ඇති අතර එම යාත්‍රාව ඒඩන් බොක්කෙහි සිය ගමන දිගටම කරගෙන යන බවයි, පැවසෙන්නේ.

වානේ නිෂ්පාදන රැගෙන යමින් සිට ඇති එම නෞකාව ප්‍රහාරය එල්ල වන විට ඒඩන් බොක්කෙහි වෙරළට කිලෝමීටර 160 ක්පමණ දුරින් තිබූ බවයි, නැව් සමාගමක් වන Eagle Bulk Shipping පවසන්නේ.

නෞකාවට සීමිත හානියක් සිදු වූ නමුත් ස්ථාවරව පවතින හෙයින් එම ප්‍රදේශයෙන් පිටතට ගමන් කරමින් පවතින බවද සඳහන්.

හමාස් සංවිධානයට එරෙහි ඊශ්‍රායල ප්‍රහාර සඳහා විරෝධය පළකරමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි, වාර්තා වන්නේ.

Share This