ෆින්ලන්තයේ පාසලක වෙඩිතැබීමක්

ෆින්ලන්තයේ පාසලක වෙඩිතැබීමක්

ෆින්ලන්තයේ වන්ටා නගරයේ පාසලක සිදුකල වෙඩි තැබීමකින් අවුරුදු 12 ක් වයසැති සිසුවෙකු මියගොස් තවත් සිසුන් දෙදෙනෙක් තුවාල ලබා තිබේ.

අද (02) උදෑසන සිදුවූ මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ, 12 හැවිරිදි සිසුවෙකු බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෙඩි තැබීමෙන් පසු එම සිසුවා පාසලෙන් පලා ගොස් ඇති අතර, පොලිස් නිලධාරීන් පාසලට නුදුරින් ගංගාවක් අසලදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වෙඩිතැබීමෙන් 12 හැවිරිදි සිසුන් තිදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කළ අතර මියගොස් ඇත්තේ ඉන් එක් අයෙකි.

වෙඩි තැබීමත් සමඟ පාසලේ මහා කලබලයක් හටගත් බවත් සිද්ධිය සැලවීමෙන් කම්පනයට පත් දරුවන්ගේ මාපියන් පාසලට එක්රොක් වූ බවත් ෆින්ලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ.

වෙඩි තැබීම සිදුවූයේ වියෙර්ටෝලා පාසලේය. වෙඩි තැබීම සිදුවෙද්දී පාසලේ සිසුන් 800 දෙනකු සහ ගුරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් 90 දෙනකු සිටි බව ද පැවැසෙයි.

Share This