රොබෝවරයෙකුගේ පහර දීමෙන් පුද්ගලයෙක් මරුට

රොබෝවරයෙකුගේ පහර දීමෙන් පුද්ගලයෙක් මරුට

දකුණු කොරියාවේ රොබෝ යන්ත්‍රයක් විසින් පුද්ගලයෙකුව පහර දී පොඩි කර මරා දමා ඇති බව බීබීසි පුවත් සේවය වාර්තා කරයි.

රොබෝ තාක්ෂණය භාවිතයට ගන්නා සමාගමක සේවකයෙකු වන 40 හැවිරිදි මෙම පුද්ගලයා, රොබෝවරයා පරීක්ෂා කරමින් සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති බව වාර්තා වේ.

එම ආයතනයේ, එළවළු පෙට්ටි අසුරමින් සිටින අතරතුර ආහාර පෙට්ටි වලින් සේවකයාව වෙන්කර හඳුනා ගැනීමට අපොහොසත් වූ මෙම රොබෝ යන්ත්‍රය, ඔහු අල්ලාගෙන ඔහුගේ සිරුර වාහක පටියට තල්ලු කර ඔහුගේ මුහුණ සහ පපුව තද කර මරා දැමූ බව බීබීසි පුවත් සේවය වාර්තා කර ඇත.

අනතුරින් පසු සේවකයාව රෝහල්ගත කර ඇතත්, පසුව ඔහු මියගොස් තිබේ.

සිද්ධියෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින්, අදාළ ආයතනය අයත් අපනයන කෘෂිකාර්මික ආයතනයේ නිලධාරියෙක් “නිශ්චිත සහ ආරක්ෂිත” පද්ධතියක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිට තිබේ.

මේ අතර, පසුගිය මාර්තු මාසයේදී, මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදන කම්හලක සේවය කරමින් සිටියදී, 50 හැවිරිදි දකුණු කොරියානු ජාතිකයෙකු රොබෝවරයෙකුට හසුවීමෙන් බරපතල තුවාල ලැබූ සිදුවීමක්ද වාර්තා විය.

Share This