රන් ආලේපිත බෝල තොගයක් සමග හතරක් අත්අඩංගුවට

රන් ආලේපිත බෝල තොගයක් සමග හතරක් අත්අඩංගුවට

දක්ෂිණ අධිවේගි මාර්ගයේ කොක්මාදුව පිවිසුමේ රථ වාහන පරික්ෂා කිරි‍මේ රාජකාරියෙහි යෙදි සිටි විශේෂ කාර්ය බළකා නිලධාරින් මෝටර රථයක තිබි සැකකට යුතු රන් ආලේපිත කුඩා ප්‍රමාණයේ බෝල 949 ක් සමග මෝටර් රථයේ ගමන්ගත් සිව් දෙනකු අත්අංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 35,31,22,21 යන වයස්වල පසුවන තණමල්විල,ඇතිලිවැව.සහ පයාගල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ සිව්දෙනෙකි.

සැකකරුවන් පවසා ඇත්තේ වැලිගම ප්‍රදේශයේ මිතුරොකු‍ගේ නිවසට පැමිණි බවය. මෙම රන් ආලේපිත කුඩා බෝල නිවසේ තිබෙන පිත්තල පහන් අලුත් වැඩියාකිරිම සඳහා දැනට සති කිහිපයකට පෙර මහනුවර පිළිමතලාවෙන් මිලදි ගත් ඒවා බවද සැකකරුවන් පවසා ඇත.

WhatsApp Image 2023 10 16 at 9.59.40 AM 1

WhatsApp Image 2023 10 16 at 9.59.40 AM

Share This