ශකිබ්ගෙන් රසිකයෙකුට කම්මුල් පහරක්

ශකිබ්ගෙන් රසිකයෙකුට කම්මුල් පහරක්

ඊයේ පැවති බංග්ලාදේශ මහ මැතිවරණයෙන් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන්ට විශිෂ්ඨ ජයක් හිමි වුණා.

ශකිබ් බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ අසුනක් දිනා ඇති අතර ඔහු රසිකයෙකු ට කම්මුල් පහරක් එල්ල කිරීමේ ආන්දෝලනාත්මක සිදුවීමක් මේ වනවිට සමාජ මාධ්‍යවල හුවමාරු වනවා.

ශකිබ් අල් හසන් අදාළ රසිකයා ට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ද මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වනවා.

මෙම සිද්ධිය සිදුවූයේ කවදාද, කොතැනද යන්න නිශ්චිතව නොදන්නා නමුත් බොහෝ දෙනෙක් පවසන්නේ බංග්ලාදේශ ක්‍රීඩකයා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අවස්ථාවේ දී මෙම සිදුවීමට මුහුණ දෙන්නට ඇති බවයි.

කෙසේ වෙතත් මෙම අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් ශකිබ් අල් හසන් තවමත් කිසිවක් ප්‍රකාශ කර නොමැති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

Share This