යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

යෝජිත විදුලි ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ඇතුළත් ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එම නව පනත් කෙටුම්පත යටතේ විදුලිබල කේෂ්ත්‍රයේ ප්‍රතිසංස්කරණ කිහිපයක් යෝජනා කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, සති දෙකක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කෙටුම්පත අභියෝගයට ලක්කිරීමට හැකි බවය.

ඉන් අනතුරුව උපදේශන කාරක සභාවේ දී මෙහි සංශෝධන පිළිබඳ කතා කළ හැකි බව ද අමාත්‍යවරයා පැවසීය.

Share This