ජනප්‍රිය ගායිකා කොකෝ ලී ජීවිතක්ෂයට

ජනප්‍රිය ගායිකා කොකෝ ලී ජීවිතක්ෂයට

ආසියාවේ ආදරය දිනාගත් හොංකොං ගායිකාවක් වන කොකෝ ලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියයන විට ඇය 48 හැවිරිදි වියේ පසුවිය.

ඇය මැන්ඩරින් භාෂාවෙන් ඩිස්නි මුලාන් චිත්‍රපටයේ ගීත ගායනා කිරීම හරහා ඉමහත් ජනප්‍රියත්වයක් ලබාගැනීමට සමත් විය.

එමෙන්ම ඇය මෑත වසරවලදී මානසික අවපීඩන තත්ත්වයකින් පෙළුණු අතර අගේ තත්ත්වය දරුණු අතට හැරී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ බව ඇයගේ වැඩිමහල් සහෝදරියන් වන කැරොල් සහ නැන්සි ඉන්ස්ටග්‍රෑම් සටහනක් ද තබා තිබේ.

ඒ අනුව කොකෝ ලී ගේ මරණයට හේතුව සියදිවි නසා ගැනීමක් බව ඔවුන් සඳහන් කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Share This