කුරුණෑගල, නාලන්දෝදය ජාතික පාසලේ විදුහල්පති සිය දිවි නසා ගනී!

කුරුණෑගල, නාලන්දෝදය ජාතික පාසලේ විදුහල්පති සිය දිවි නසා ගනී!

කුරුණෑගල මාස්පොත නාලන්දෝදය ජාතික පාසලේ විදුහල්පති ආනන්ද දසනායක සිය නිවසේ ඉහළ මාලයේ කාමරයක ගෙල වැල ලාගෙන සිය දිවි නසාගෙන තිබේ.

අද (25) උදෑසන ඔහුගේ සිරුර හමුවී ඇති බව කුරුණෑගල පොලිසිය පවසයි.

සිය 31 වසරක ගුරු ජීවිතය තුළ පුරා වසර 24ක් විදුහල්පතිවරයෙක් ලෙස සේවය කර ඇති ආනන්ද දසනායක නාලන්දෝදය ජාතික පාසල කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රමුඛම පාසලක් ලෙස නගා සිටුවීමේ මුඛ්‍ය වගකීම දරා තිබුණේය.

මෙලෙස සියදිවි නසාගන්නා විට ඔහු 55 වැනි වියේ පසුවිය.

ඔහු අද දින සිට කුරුණෑගල තවත් ජනප්‍රිය පාසලක්වන ලක්දාස් මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස වැඩ භාරගැනීමට සූදානමින් සිටියේය.

ඒ එම විදුහල සඳහා විදුහල්පතිවරයෙක් තෝරා ගැනීම සඳහා කළ සම්මුඛ පරීක්ෂණයෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගනිමිනි.

උහුලා ගත නොහැකි ආර්ථික ගැටලු නිසා ඔහු මානසික පීඩනයට පත් වී සිටි බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share This