සනත් නිශාන්තගේ බිරිඳ පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවට?

සනත් නිශාන්තගේ බිරිඳ පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවට?

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ නීතිඥ චමරි පෙරේරා මහත්මිය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස පත්කිරීමට පක්ෂයේ ඉහළ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් තරුණ මන්ත්‍රී කණ්ඩායමක් දැනටමත් සාකච්ඡා පවත්වා තිබේ.

එම යෝජනාව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අද හෙටම ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

මෙම යෝජනාවට පක්ෂයේ ඉහළ නායකත්වයේද ආශිර්වාදය ලැබී ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරඟ වැදීමට ආරාධනා ලැබුණහොත් භාර ගැනීමට සූදානම් බව නීතිඥ චමරි පෙරේරා මහත්මිය පසුගියදා ප්‍රකාශ කළාය.

Share This