මීටියාගොඩ වෙඩි තැබීමක්

මීටියාගොඩ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ, මීටියාගොඩ මගවෙල ප්‍රදේශයේ අද (28) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව මීටියාගොඩ පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති අතර වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ මීටියාගොඩ මගවෙල ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි අයකු බව පොලීසිය පැවසුවේය.

ඔහුගේ එක් පාදයක කලවා ප්‍රදේශයට වෙඩි වැදී ඇති අතර ප්‍රතිකාර සඳහා ඔහු බලපිටිය මුලික රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

Share This