මහා කන්නයට අලුත් පොහොර වර්ගයක් නොමිලේ

මහා කන්නයට අලුත් පොහොර වර්ගයක් නොමිලේ

එළැඹෙන 2023/24 මහ කන්නයේ දී වී වගා කරන ගොවීන්ට තවත් එක් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ ‌ දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළ අතර ඊට ජනාධිපතිවරයාගේ යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙවර යල කන්නයේ දී වගා කන්න තුනකට පසු මඩපොහොර හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර ( TSP- Triple Super Phosphate) නොමිලයේ ගොවීන්ට ලබා දීමට රජය පියවර ගත් බවත් පසුගිය මහ කන්නයේ දී කුඹුරු වගා කළ සියලු දෙනාට මෙවර යල කන්නයේ වී වගා කළත්, නොකළත් මෙම TSP පොහොර නොමිලයේ දුන් බවත් අමාත්‍යාංශය කියයි.

ගොවීන්ගේ නිෂ්පාදන වියදම් අවම කිරීම ඉලක්ක කර ගනිමින් රජය මෙම සහන සලසන බවද පසුගිය මහ කන්නයේ දී සහ මෙවර යල කන්නයේ දී ද පොහොර මිල දී ගැනීම සඳහා අවශ්‍ය මුදල් රජය ගොවීන්ට සහනාධාරයක් වශයෙන් දුන් බව අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව හෙක්ටෙයාර් එකකට රුපියල් 20,000ක මුදලක් හා හෙක්ටයාර් දෙකකට රුපියල් 40,000ක මුදලක් ද වශයෙන් වවුචර්පත් මගින් නිකුත් කළේය.

Share This