විස්සයි විස්ස ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ජූලි චංග් හමුවෙයි

විස්සයි විස්ස ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ජූලි චංග් හමුවෙයි

ශ්‍රි ලංකාවේ ඇමරිකානු තනාපතිනී ජූලි චංග් ශ්‍රී ලංකා විස්සයි විස්ස ලෝක කුසලාන මූලික සංචිතයේ ක්‍රීඩකයින් හමු වී තිබේ.

කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දී මෙම හමුව සිදු වූ බවට ඇය සිය නිළ x ගිණුමෙහි සටහනක් තබා ඇත.

එහි වැඩිදුරටත් ඇය සඳහන් කර ඇත්තේ‌, ශ්‍රි ලංකා ක්‍රීඩකයින්ගේ දක්ෂතා එක්සත් ජනපදය පුරා සිටින ක්‍රිකට් ලෝලීන් විශ්මයට පත් කරනු නිසැක බවයි.

ජුනි මාසයේ දී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ශ්‍රි ලංකා කණ්ඩායම එක්සත් ජනපදයට යෑම ක්‍රීඩා රාජ්‍යතාන්‍ත්‍රිකත්වය සඳහා අපූරු අවස්ථාවක් වනු ඇති බව ඇය පවසා සිටියි.

Share This