සාමාන්‍ය පෙළ ලියන්න කලින් කෝවිලට ගිය සිසුවා ජීවිතක්ෂයට

සාමාන්‍ය පෙළ ලියන්න කලින් කෝවිලට ගිය සිසුවා ජීවිතක්ෂයට

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටීමට පෙර ආගමික චාරිත්‍ර ඉටු කිරිමට කෝවිලකට ගිය බලංගොඩ මාරතැන්න ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17 ක් වයසැති සිසුවෙකු අද (06) උදෑසන හදිසියේම ඇද වැටී මියගොස් තිබේ.

හරනාත් රංජිත් කුමාර නමැති මෙම සිසුවා තම පියා සමග විභාග මධ්‍යස්ථානය වෙත යන අතරතුර කෝවිලට ගොස් ඇතැයි පින්නවල පොලිසිය පැවසීය.

කෝවිලට ගිය අවස්ථාවේදී පපුව රිදෙන බව තම පියාට පැවසු හරිනාත් එම ස්ථානයේ බිම ඇලවී තිබේ. ආගමික චාරිත්‍ර ඉටු කිරිමටත් පෙර ඔහු හදිසියේ අසනිප වී තිබේ.

පසුව අසළ සිටි ආරක්ෂක නිළධාරියෙකුගේද සහය ඇතිව සිසුවා ඔහුගේ පියා විසින් ත්‍රීරෝද රථයකින් මාරතැන්න ප්‍රාදේශීය රෝහලට රැගෙන විත් තිබේ.

එහෙත් සිසුවා රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බව රෝහලේ බලධාරීයෙකු පැවසීය.

මියගිය සිසුවා මාරතැන්න දෙතනගල දෙමල විද්‍යාලයේ ඉගෙනුම ලැබීය.

පින්නවල පුදුකාටුව නාවලර් දෙමළ විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී විභාගය ලිවීමට නියමිතව සිටියද විභාග මධ්‍යස්ථානය වෙත පැමිණිමටත් පෙර ජීවිතයෙන් සමුගෙන ගියේය.

පශ්චාත් මරණ පරීක්ෂණය බළන්ගොඩ රෝහලේදී සිදුකිරීමට නියමිත අතර බළන්ගොඩ පින්නවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share This