සචිත්‍ර ට ඇප

සචිත්‍ර ට ඇප

මුදලට තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළා.

මෙම සැකකරු විමර්ශන පැවැත්වෙන කාලසීමාවේ දී සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකර ඇති බවට කරුණු අනාවරණය නොවන හෙයින් ඔහු ඇප මත මුදාහැරීමට තීරණය කරන බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ.

සැකකාර සචිත්‍ර සේනානායකගේ විදේශ ගමන් තහනම් කරමින් අධිකරණය තවත් නියෝගයක් ද මෙහිදී නිකුත් කරනු ලැබුවා.

Share This